ලුණු සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ ජාතික පාරිභෝගික අධිකාරිය සමග ඇති කර ගත් එකගතාවයකින් පසු මෙම තීරණය ගත් බවයි. ඒ අනුව උපරිම සිල්ලර මිලකට යටත්ව ලුණු මිල අඩු කිරීම සදහා කටයුතු කරන බව ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළා. මේ අනුව ලණු කැට කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 180 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. එමෙන්ම ලුණු කුඩු කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 240 ක උපරිම සිල්ලර මිලක් නියම කරීමටයි තීරණය කර ඇත්තේ. සමස්ත ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ ලුණු කුඩු ග්‍රෑම් 400 ක් සදහා රුපියල් 120 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














