ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා..
රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවයි.
දශක හතකට වැඩි කාලයක් තුළ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින්, ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 2.9 ක ණයක් සඳහා ෂඵත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹුණා.
එය ලබන වසරේ මුල් කාලයේ හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා විශ්වාසය පල කලේ.