දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ගතවූ දින තුන තුළ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 1යි ග්‍රෑම් 202ක්, හෙරොයින් ග්‍රෑම් 863යි මිලිග්‍රෑම් 137ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 31 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවටද වාර්තා වනවා.
එමෙන්ම තවත් සිව්දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ෂන ආරම්භ කර ඇති බවද සඳහන්
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 08 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ











