රටක් සංවර්ධධන අරමුණු කරා ලඟා වීමේ දී අපනයන ආර්ථිකය වඩාත් වැදගත් සන්ධිස්ථානයක් ගනී.
නිසි කළමණාකරණයකින් යුතු අපනයන ආර්ථිකයක් නොතිබීම තුළ අදටත් මේ මොහොතේදීත් අප රට තවමත් සවංර්ධනය වෙමින් පවතින රටක් බව කියමින් සිටිමට අපට සිදු වී තිබේ.අපනයන ආර්ථිකයට දායක වන එවැනි ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් හා අදහස් වලින් පිරුණු තරුණ පිරිස් මේ වන විට විවිධ අත්හදා බැලීම් ඔස්සේ සිය වගා කටයුතු කරන අයුරු අපට දැක ගැනීමට හැකිය.එවැනි තරුණ කෘෂි ක්ෂේත්‍රයටම සම්බන්ධ පුද්ගලයෙකු අපට හමු විය.ඔහු උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි රජිව් රාජපක්ෂ වේ.
මේ වන විට දේශීය වෙළෙඳපොළ තුළ පවා ඉහළ ඉල්ලුමක් ඇති නයි මිරිස් වගාව කරනු ලබන ගොවි මහතුන් රජරට හා අවට ප්‍රෙද්ශ වල දී බොහෝ පිරිස් අපට හමු වී තිබේ.ඔවුන් නයිමිරිස් වගා කර එම වගාවෙන් ලැබෙන නයි මිරිස් අස්වැන්න ඔවුන් තඹුත්තේගම ආර්ථීක මධ්‍යස්ථානයට, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෝ මැනිං මාකට් එකට යොමු කරනු ලබන අතර එයින් ලැබෙන මුදලින් නැවත එම වගාව හෝ වෙනත් වගා කිරීමට යොමු වේ.මෙම ආදර්ශනය නාගරික ප්‍රෙද්ශයක් තුළ දී පවා වගා කර අමතර ආදායමක් ඉපයීමට හැකි වගාවක් ලෙස ආදර්ශයෙන්ම පෙන්වීමට සමත් වී තිබේ.අනුරාධපුර නගරයට ආසන්නයේ ඇති පාලාඩි කුලම ප්‍රදේශයේ වර්ග අඩි 1250ක් තරම් භූමි භාගයක අර්කෂක ගෘහයක් තුළ සිය නයි මිරිස් වගා ආදර්ශනය සිදු කර තිබේ.මෙහි නයි මිරිස් ගස් 160කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති අතර ඔහු මෙම බෝගයෙන් මාසිකව රුපියල් හැටදහසක පමණ අමතර ආදායමක් උපයන බව මෙහිදී අපට අනාවරණය විය.
“ මම ගොවීන්ට ආදර්ශනයක් දෙනන තමයි මෙම නයි මිරිස් වගාව කළේ.නයි මිරිස් වලට තමා දැනට වෙළෙඳපොලේ ලොකුම මිළක් තියන මිරිස් වර්ගය.මේ වෙද්දී මේක අපි ආර්ථික බෝගයක් ලෙස උතුරු මැද පළාත තුළ ප්‍රචලිත කරන්න තමයි සූදානම.මොකද රටට විදේශ විනිමය ගේන්න පුළුවන් බෝගයක් විදිහට අපි මේ නයි මිරිස් අඳුරගත්තා.ඒ නිසා කුඩා භූමි ප්‍රමාණයක ගස් 160කින් මං අද වෙනකොට රුපියල් හැට දහසක මාසික ආදායමක් ගන්නවා අඩු වියදමකින්.ඇත්තටම මේ වගාවට මහා ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ.රජරට ගොවියාට මං කියන්නේ හොඳ ආදායමක් ගන්න පුළුවන් බෝගයක් මේක.බය නැතුව වගා කරන්න.මොකද මෙවැනි ආර්ථීක වටිනාකමක් තිනෙ බෝග වගා කළාම අපිට මේවා විදේශ විනිමය ඉපයීම සඳහා යොමු කරන්න පුළුවන් “ යැයි පැවසීය.