බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කළ මෝටර් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව මැණික්හින්න ,වත්තේගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.
එහිදී විදෙස් රටවල සිට නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කළ මෝටර් රථ දෙකක් සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
මෙම මෝටර් රථ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර ඇති බවටයි තොරතුරු ආනවරණය වී තිබෙන්නේ.