මෙල්බර්න් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අවදානම ගැන මෙල්බර්න් නගරයේ ජනතාවට අද උදෑසන අනතුරු අඟවා තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.40ට පමණ ද වයඹදිග සන්බරි උපනගරයේ කිලෝමීටර් 3ක් ගැඹුරට රිච්ටර් මාපක 3.8ක භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම භූ කම්පනය සන්බරි සිට ටස්මේනියාවේ හෝබාර්ට් දක්වා සහ ඇඩිලේඩ් හි එස් ආර් සි දක්වා ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන වික්ටෝරියා ප්‍රාන්ත ගොඩනැගිලි කිහිපයකට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හදිසි සේවා කැඳවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට හදිසි සේවාවන්, අවදානම් කළාපවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ පසු කම්පන තත්වයන්ට මුහුණදීමට සූදානමින් සිටින ලෙස යි .
උණුසුම් පුවත්
- ලෝක වාර්තා තුනක් තැබූ විග්නේෂ්වරන් දිවයිනට පැමිණෙයි
- රටක් ඉදිරියට යාමට පැහැදිලි නායකත්වයක් අවශ්‍ය බව අගමැතිනිය කියයි
- බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට
- දීපාවලියට ගමට යන්න විශේෂ බස් සේවා
- අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණුව ඇරඹෙයි
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තොරතුරු රැසක් සෙව්වන්දි හෙළි කරයි
- රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි