Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීරිගම-හම්බන්තොට කංසා වගාවට භූමි වෙන් කරයි

    මීරිගම-හම්බන්තොට කංසා වගාවට භූමි වෙන් කරයි

    2025-08-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.93 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වතාවට විදෙස් ආයෝජකයන් 07 දෙනකු සඳහා නීත්‍යනුකූලව කංසා (ගංජා) වගා කිරීමට රජය මගින් අනුමැතිය ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය ලබන මස (සැප්තැම්බර්) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධීක්ෂණය යටතේ සිදුකරන අතර එහි අරමුණ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීමෙන් සැලකියයුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.

    මෙම ව්‍යාපෘතියට ඉදිරිපත් වූ අයදුම්කරුවන් 37ක් අතරින් සුදුසුකම් සපුරන ලද විදෙස් ආයෝජකයන් 07 දෙනකු තෝරාගෙන ඇති අතර ඔවුන්ට මූලික වශයෙන් මාස 06ක තාවකාලික බලපත්‍රයක් නිකුත් කර තිබේ. ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අනුව වගා කාලය දීර්ඝ කිරීමට නියමිතය.

    ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු අතර එක් ආයෝජකයකුට ඇමරිකානු ඩොලර් මිලියන 02ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීමට ද අනිවාර්ය කර තිබේ.

    මීරිගම සහ හම්බන්තොට ප්‍රදේශවල මෙම වගාව සඳහා භූමි වෙන්කර ඇත. මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක් පමණ වෙන්කර තිබේ. මෙම වගාවන් සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේය. ඒ අනුව වගාබිම් වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාගැනීම ද අනිවාර්ය ය.

    මෙම ව්‍යාපෘතිය මගින් වගා කරන කංසා ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගෙන සම්පූර්ණයෙන් අපනයනය කළයුතු අතර කංසා ගසේ සිට කිසිදු කොටසක් (ඇට, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට නීති රෙගුලාසි පනවා ඇත.

    මෙම ව්‍යාපෘතිය අධීක්ෂණ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරයි.

    මෙම ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලය අනුමැතිය හිමිව තිබීම නිසා ලබන මස (සැප්තැම්බර්) සිට කංසා වගාව ආරම්භ කිරීමට ඉඩප්‍රස්තාව ලබාදී තිබෙන බව ආයෝජන මණ්ඩල උසස් නිලධාරියෙක්  පැවසීය.

    පෙර පුව​තකුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධවේදීන් වර්ජනයක
    ඊළඟ පුව​ත ලක්ෂ්මන් කදිරගාමර් 20 වන අනුස්මරණ දිනයට දානමය පිංකමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group