එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය ඇප ලබාදී තිබෙනවා.
නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ, ත්රස්තවාදය ප්රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවයි.
මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.