
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකල බවයි මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින්ද ඊයේ දිනයේ මහර බන්ධනාගාරයට ගොස් එහි තත්ත්වය පිළිබදව සොයා බලා තිබෙනවා.














