බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී තිබෙනවා.
එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ.
බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා 2014 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරනු ලැබුවා.
එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එම ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
ඒ අනුව බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතයි..
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














