සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හෙවත් අවසන් දිනය අදයි.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 495ක් ලබාගැනීමට සමත් වූවා.
සිව්වන දිනය නිමා වන විට දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට සමත් වූවා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිව්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් සිටිනවා.
බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 495ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 485ක් පමණි.
බංග්ලාදේශ පළමු ඉනිමේදී මුශ්ෆිකර් රහීම් ලකුණු 163ක්ද නජ්මුල් හොස්සයින් ෂන්ටෝ ලකුණු 148ක්ද ලිට්ටොන් දාස් ලකුණු 90ක්දා ලබාගැනීමට සමත් වූවා.
බංග්ලාදේශ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 76ක් ලබාගත්තා.
නොදැවී පන්දුවට පහර දෙන නජ්මුල් හොස්සයින් ෂන්ටෝ ලකුණු 56ක්ද මුශ්ෆිකර් රහීම් ලකුණු 22ක්ද ලබා සිටිනවා.
පලමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංකට පමණක් ශතකයක් ලබාගැනීමට අවස්ථාව උදාවුණා.
ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 187ක්.
කමිඳු මෙන්ඩිස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 54කට දැවී ගියා.
තරගයේ අවසන් දිනය වන අද තරගය පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතයි