පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් එම කටයුතු සිදුකෙරෙන බවයි.
පක්ෂ නායකයින්ගේ එකඟතාව මත පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට නියමිත අතර අදාළ සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ඉදිරි සති කිහිපයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.