දකුණු දිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
එරට වේලාවෙන් අද පස්වරු දෙකට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්රිතවයි.
එය කඳුකර ප්රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයක්.
භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.