මෙරටින් දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් රෝගීන් තිදෙනෙකු පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබෙනවා.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් .
2022 වසරේ දී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර සමස්ත පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවයි.
ඒ අතරින් කාන්තාවන් අතර පියයුරු පිළිකා රෝගීන් 5,477ක් හඳුනාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28%ක් බව ද වෛද්‍යවරිය සඳහන් කළා.
පියයුරු පිළිකාව පෙර සිට හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් එම රෝගීන් 30%ක් පමණම අවසන් තත්ත්වයේ දී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු වන බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ.