පසුගිය කාලය පුරාම කැලෑ ගිනි තැබීම් වාර්තා වී ඇති බව පරිසරවේදීන් පවසනවා.
මෙහි ප්රතිඵලයක් ලෙස රට තුළ නියං තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
ගෙවී ගිය මාස 2 තුළ පමණක් කැලෑ ගිනිතැබීම් 160 ක් පමණ වාර්තා වී ඇති බවට පරිසරවේදීන් පවසනවා.
එම සියලු ගිනි ගැනීමක්ම කෘතිමව හටගත් ගිනි බවටයි නයනක රන්වැල්ල සහ සජීව චාමිකර යන පරිසරවේදීන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.