නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිඳ තිබෙනවා.
විරෝධතාකරුවන් බන්ධනාගාර සංකීර්ණයට කඩා වැදීමෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් 773 දෙනෙකු ඉන් පළා ගොස් ඇති බවයි ග කස්කි දිස්ත්‍රික්කයේ පොලිසිය තහවුරු කර ඇත්තේ.
එමෙන්ම ඩැං පළාතේ තුල්සිපූර් හි ප්‍රාදේශීය පොලිස් කාර්යාලය පැවසුවේ, සිරකරුවන් 127 දෙනෙකු තුල්සිපූර් බන්ධනාගාරයෙන් ද පළා ගොස් ඇති බවයි.
මේ අතර,විරෝධතාකරුවන් රජයේ කාර්යාල කිහිපයක්ද විනාශ කර ගිනි තබා තිබෙනවා.
පසුගියදා ෆෙස්බුක්, වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් සඳහා පිවිසීම, භාවිතය නේපාල පාලනාධිකාරිය විසින් තහනම් කරනු ලැබූවා.
මෙම තහනමට එරෙහිව නේපාලයේ තරුණ පිරිස් රජයට සහ අගමැතිවරයාට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළ අතර එහිදී 22කු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 100ට අධික පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.
විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හමුවේ නේපාල කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ පනවා තිබූ සමාජ තහනම ඉවත් කිරීමටයි.
සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ආරම්භ කළ විරෝධතාව මේ වන විට ආණ්ඩුව ඉවත් කරවීමේ විරෝධතාවයක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඇතිවූ විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලි ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.