ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්රදේශය ආශ්රිතව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්රෑම් එක්දහස් දෙසිය අසූ හතකට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇති බවයි සඳහන් වන්නේ.