නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට සුළි කුණාටුවක අවදානම හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හැකි ඉක්මණින් නගරවාසීන්ට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි එරට කාලගුණ විද්‍යා අංශ දැනුම්දී ඇත්තේ.
මේ වනවිට ගේබි්රයෙල් නමැති සුළිකුණාටුවේ කේන්ද්‍රය නවසීලන්තයට සැතපුම් 910 ක් දකුණින් පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා .
පසුගිය මාසයේ වාර්තාගත වර්ෂාවක් ඕක්ලන්ඩ් නගරයට පතිත වූ අතර,එයින් ඇති වූ ජලගැලීම් හේතුවෙන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා .