ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් “සයුර” නමින් විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සිදු කෙරුණා.
ඒ, නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සයුර ජීවිත රක්ෂණ ක්‍රමය හදුන්වාදීමේ උත්සවය හම්බන්තොට කුඩාවැල්ලේදී සිදු කෙරුණා.
රුපියල් මිලියන 1.2 සිට 2 දක්වා ප්‍රතිලාභ මට්ටම් යටතේ කිසියම් ආබාධයක්, පූර්ණ හෝ අර්ධ අකර්මන්‍යතාවක්, මිය යාමක් හෝ අතුරුදන් වීමක් වැනි අවස්ථාවලදී මෙම රක්ෂණ ක්‍රමය මගින් සහන සලසනු ලබනවා.
නව රක්ෂණ ක්‍රමය තුළින් ධීවර ජනතාව සහ ඔවුන්ගේ පවුල්වලට සැබෑ සුරක්ෂිතතාවක් සහ ජීවිත ආවරණයක් සැලසෙනු ඇති.