
නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළ යාමක් පවතින බව ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා පවසනවා. ඔහු පවසන්නේ, තරුණ ප්‍රජාව කෘත්‍රිම ආහාර සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා මෙම අදහස් පල කළා.














