තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයෝ ;පවසා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත මොහොතක සිදුවූ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ රැලියක් අමතමින් සිටියදි , අසල ගොඩනැගිල්ලක වහලේ සිටයි.