හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී.
2012 වර්ෂයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රීයාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ
- ආපදාවට ලක්වූ ව්‍යාපාරවල ණය ගෙවීමට සහන කාලයක්
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත වෙයි
- වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
- අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
- කෙහෙල්බද්දර පද්මේ සගවා තිබු තවත් ගිනිඅවියක් පොලිස් භාරයට
- සහල් ජාවාරමක් හෙළිවෙයි
- අද කාලගුණය












