ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාවේ තොරතුරු අනුව කෘෂිකර්ම අමාත්‍යංශය ලබා ගත් නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළේ කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
නිසි කසල කලමණාකරණයක් සිදු කිරීම ,වන්ධ්‍යකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය ,සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු පත් කිරීම වැනි නිර්දේශ ඒ අතරට අයත් වනවා.
මෙම ජාතික සත්ත්ව සංගණනය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු 15වනදා ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඒ අනුව එම වාර්තාවේ තොරතුරු ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කළේ.
උණුසුම් පුවත්
- බොරැල්ල, කනත්ත හන්දියේ මාරක අනතුරක්
- මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
- පහරදීමකින් තරුණයෙකු මරුට
- ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
- යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
- කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
- පළාත් දෙකකට සිහින් වැසි
- අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට