ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා.
එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පාසල් ප්රමුඛ පාසල් ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණා .
මෙම වැඩසටහන යටතේ එකී කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගත් පාසල් කිහිපය එලෙසින්ම පවත්වාගෙන යාමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශයේ නව තීරණයට අනුව සංවර්ධනය කෙරෙන ප්රමුඛ පාසලක් වටා පාසල් පහක් හෝ හයක් වන ලෙස පාසල් පොකුරක් ඇති කිරීමට නියමිතයි.
එම පාසල් පොකුරට ප්රමුඛ පාසලේ පහසුකම් ලබා දෙනු ඇති.
උණුසුම් පුවත්
- අධික වර්ෂාවෙන් පොළොන්නරුවේ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි
- අධික වර්ෂාවෙන් පුද්ගලයින් 15,000 අධික සංඛ්‍යාවකට පීඩා
- IPL ක්‍රීඩක වෙන්දේසීයේදි වනිදු සහ මහීෂ්ව රාජස්ථාන් රෝයල්ස් මිලදී ගනී
- බ්‍රසීලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
- කටුනායක ගුවන් තොටුපොළේ දී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට
- දියවැඩියාව පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක විද්වතුන් කොළඹට
- හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා