ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ලබන 14 පැවැත්වීමට නියමිතයි .
ලබන 13 වනදා ජනාධිපතිවරයා කියුබානු සංචාරයකට එක්වීමට නියමිත බැවින් බදාදා රාත්‍රියේ හෝ බ්‍රහස්පතින්දා පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා හා කියුබානු ජනාධිපති ඩයස් කේනල් මහතා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවද සදහන් .
පළමු සමාලෝචනය සදහා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.