මෙම මාසයේ මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 32,815 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 7,830ක් බව සඳහන්.
ඊට අමතරව රුසියාව, ජර්මනිය, එක්සත් රාජධාණිය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල් කිහිපයකින්ම එම කාලය තුළදී සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502ක්.












