මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනව.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බෙලිඅත්ත නාකුළුගමුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදීයි.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන සැකකරු බෙලිඅත්ත පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක සැකකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.