ඊයේ හම්බෙගමුව පොලිස් වසමේ කුකුල්කටුව රක්ෂිත ප්‍රදේශයේදී ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 121 ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 47 ක් වන හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













