කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය පල කරමින් විරෝධතාවක් පවත්වන බව එක්සත් ලක්වනිතා පෙරමුණ පවසනවා. මේ අනුව අද පෙරවරු 11.30 ට කොළඹ මහනගර සභාව ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවට පක්ෂ භේදයකින් තොරව කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධය පල කිරීම සඳහා එක්වන ලෙස සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු ප්‍රජාවට එම පෙරමුණ ආරධානා කර සිටිනවා. මේ අතර කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පෙරේදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගය පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහර දුන් බවයි මන්ත්‍රීවරිය සඳහන් කළේ. පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අදාළ පාර්ශ්ව දෙකේම පුද්ගලයින් මේ වන විට රෝහල්ගත කර ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ලක්වනිතා පෙරමුණ විසින් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි අචිනි ලොකු බණ්ඩා මහත්මිය සඳහන් කළේ උළුවටුගේ සඳමාලි මන්ත්‍රිවරියට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරනතුරු ඒ වෙනුවෙන් හඬ නගන බවයි.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














