කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(06) දින අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 590ක් හා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 910ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක අයෙක් බවද පොලිසිය කියා සිටියා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














