වැල්ලවාය සහ අලිකොට ආර ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අඟල් අට බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ජලය කිරිදි ඔයට මුදා හැරෙන බැවින් කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ජල මට්ටම ඉහළ යාමත් සමග කිරිඳිඔය දෙපස ජනතාව සහ කිරිඳිඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්
- අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
- පීඩාකාරී ලෙස යතුරුපැදි පැද වූ 13ක් රිමාන්ඩ්
- කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්











