කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රංශය පවසනවා.
කැනඩාවේ පැවති ජී හත කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුරදී ප්‍රංශ විදේශ අමාත්‍ය ”ජෝන් නුඑල් බැරෝ” ඒ බව සදහන් කළා.
මාස දෙකක පමණ කාලයක සිට, අමෙරිකානු හමුදා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන, යාත්‍රා ඉලක්ක කරගනිමින්, ප්‍රහාර දියත් කරමින් සිටිනවා.
එමෙන්ම මේ වන විට ප්‍රහාර 19කින් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.
ඔවුන් බහුතරයක්, කැරිබියන් දූපත්, මෙක්සිකෝ සහ කොලොම්බියා යන රටවල පුද්ගලයින් වනවා.
අමෙරිකාව පවසන්නේ ඔවුන්ට ලැබෙන නිශ්චිත බුද්ධි තොරතුරු මත අදාළ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන විට ප්‍රහාර එල්ල කරන බවයි.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













