ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට පහළොවකින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බඳ සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ජුලි මස මැද භාගය දක්වා ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙනවා. ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක් දැරීමට සිදු නොවන ආකාරයෙන් විකල්ප හඳුන්වාදීමටද එයාර් ඉන්දියා සමාගම පියවර ගෙන තිබෙනවා. පසුගිය 12 වැනිදා ඉන්දියාවේ, අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුළ කඩා වැටීමෙන් එම යානයේ මගීන් ඇතුළු 240 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














