මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලහ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් තහවුරු කරගෙන තිබෙනවා.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බහතුර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමෙන් පසු සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඒකාබද්ධව ප්‍රාදේශීය සභාව පිහිටුවා තිබෙනවා.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමට අද දිනයේ පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අජිත් විපුල බණ්ඩාර සුබසිංහ උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය සභික ධුර 6ක් සහ ජාතික ජන බලවේගයට සභික ධුර හයක් බැගින් හිමි වූවා.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සර්වජන බලයට සහ ස්වාධීන කණ්ඩායමට එක් සභික ධුරය බැගින් හිමි වූවා.