මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව විසින් සිදු කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලංකා පෙට්රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති බවයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 299ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 294ක්.
කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 313කට අලෙවි කළ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 318ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ලංකා සුදු ඩීසල්, ඔක්ටේන් 95 පෙට්රල් සහ ලංකා භූමිතෙල් මිල ගණන් කිසිදු වෙනසක් සිදු නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 277කටත් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් 355කටත් භූමිතෙල් 180කට අලෙවි කෙරෙනවා.










