ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ මනඩෝ නගරයේ පිහිටි වර්ධා දමායි වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නකින් මෙලෙස පුද්ගලයින් 16 දෙනෙකු මියගියා.
තවත් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න ඇති වන විට වැඩිහිටියන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ කාමරවල විවේක ගනිමින් සිට තිබෙනවා.
ඉන්දුනීසියාව දූපත් 17,000 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත රාජ්‍යයක් වන අතර ජකර්තා හි කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් මීට පෙර පුද්ගලයින් 22 දෙනෙකු ද මියගියා.













