ආපදාවට ලක්ව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා.
ඉන්දියානු ධීවර යාත්‍රාවක් පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.
ඒ අනුව හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබියදී එම ධීවර යාත්‍රාව සොයා ගැනීමට හැකි වූයේ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමකදීයි .
නාවික හමුදාව පැවසුවේ මෙම මෙහෙයුම මඟින් මුදාගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඔවුන් දික්ඕවිට වරාය වෙත අද පෙරවරුව වන විට රැගෙන විත් තිබුණා.
එහිදී සිදු කල මූලික වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුව පසුව ඉදිරි කටයුතු සඳහා ඔවුන්ව වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.