ඉන්දියාව , පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
දිල්ලි , උත්තර් ප්‍රදේශ් , හර්යානා , පන්ජාබ් , කාශ්මීර් යන ප්‍රදේශවල මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ එකක 5.8ක ප්‍රභලත්වයක් ගෙන ඇති බව සදහන්.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කළේ අද පස්වරු 12.58ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බවයි.