ඉඩම් ඔප්පුවක් පිළියෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මොහු කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර ඉන් රුපියල් ලක්ෂ දෙකක් ලබා ගන්නා අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 33 හැවිරිදි පොලොන්නරුව – දිවුලන්කඩවල – කුසුම්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට













