වසර 17කට පසුව ආසියානු ක්රීඩා උළෙලකදී මලල ක්රීඩා ඉසව්වකින් ශ්රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව ඊයේ අහිමි වුණා.
මීටර් 400 හතර මිශ්ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්රී ලංකා මිශ්ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද පසුව එය නීතිවිරෝධී ජයක් බවටයි තරග බලධාරීන් තීරණය කළෙ.
ඒ තරගයට එක්වූ ශ්රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු යශ්ටිය හුවමාරු කිරීමේදී වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්රී ලංකාව විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
……………………………………………………………………………………
2023 එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟ තුනක් අද දිනයේදී පැවැත්වෙනවා.
එහිදී පළමු තරගය ලෙස ශ්රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
දෙවැනි තරඟය ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරත්, තෙවැනි තරඟය ඕස්ටේරලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තරඟ තුනම අද පස්වරු 2ට ආරම්භවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
- දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්රස්ත ක්රියාකාරකම් !
- අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්රතිසංස්කරණ කඩිනම් කෙරේ
- නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
- කෝපායිහිදී පුද්ගල ඝාතනයක්














