යුධ හමුදා සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන සේවාවන් ඇගයීමට ලක් කර තිබෙනවා.
මෙම ඇගයීම සිදු කරනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්.
එම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය වෙත සමරු තිළිණයක් ද ප්රදානය කෙරුණා.
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටි බවයි වාර්තා වන්නේ.