Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ බුද්ධ ශාසනයට ඉහළම තැනක් දුන්නට අද රටේ බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ බුද්ධ ශාසනයට ඉහළම තැනක් දුන්නට අද රටේ බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ 

    2025-10-19කියවීමට මිනිත්තු 3ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ බුද්ධශාසන අරමුදලක් ඇති කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න රාජ්‍ය නායකයා ලෙස සිය වගකීම ඉටු කළ බවත් රටේ උත්තරීතර නීතිය තුළ බුදුසසුන ශක්තිමත් කර ආරක්ෂා කිරීමට ඉහළතම ස්ථාවරයක් ලබා දෙන්න සඳහන් වී ඇති මොහොතක බුද්ධශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත කරන්න ලැජ්ජා වීම අවශ්‍ය නොවන බවත් බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාව රටට අවශ්‍ය මෙන්ම සෙසු ආගම්වලට නිසි ස්ථාවරය ලබා දෙමින් ඒ ඒ ආගම් නියෝජනයට රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කළ යුතු වුවත් අද එය සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැති කඨින පුන්‍යකර්මය සඳහා එක්වෙමිනි. වසර 5ක කාලයක සිට ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා කිරිම හා කඨින මහා පිංකමට දායකත්වය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳ කටයුතු කර තිබේ.

    අද වැනි යුගයක බෞද්ධ අප සියලු දෙනාගේ පූර්ණ අවධානය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිතිය උදෙසා ක්‍රියාත්මක කරන්නට සෑම බෞද්ධයකුම කටයුතු කළ යුතු බවත් සෑම අතකින්ම සම්බුද්ධ ශාසනය විවිධ බලවේග හා අභියෝගවලට ලක් වෙමින් ඇති බවත් යම් යම් විජාතික කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය විකෘති කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සංහිදියාව කට වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි

    රටේ සෛරීත්වය ඒකීයභාවය සංහිදියාව සහෝදරත්වය අතිශයින්ම ශක්තිමත් වන තත්ත්වයක් මේ තුළින් නිර්මාණය වන බැවින් කළ හැකි උපරිමය ඉටු කරන බවත් මෙරට තුළ නැවත වරක් බුද්ධශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත විය යුතු සේම අනෙකුත් ආගම් නියෝජනය වන රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත විය යුතු බවත් සංහිදියාව කටවචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී සම්බුද්ධශාසනයට මුල්තැන ලබා දෙමින් සියලු ජාතීන් අතර එකමුතුභාවය සහෝදරත්වය ක්‍රියාත්මක විය යුතු බවත් මේ තුළින් සාමය සමෘද්ධිය සෞභාග්‍ය උදාවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ආශ්‍රීත පුවත්:  අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ද ශක්තිමත් කිරීම ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්

    අටමහා කුසල් අතරින් ශ්‍රේෂ්ඨතම පුන්‍යකර්මය වන්නේ කඨින මහා පිංකම බවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ විනය නීතිවලින් සමන්විත චාරිත්‍රානුකූලව වර්ෂයකට එක් වරක් පමණක් එකම විහාරස්ථානයක සැදැහැවතුන්ගේ මුලිකත්වයෙන් සිදුවන එකම පිංකම ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ පිංකම් සංස්කෘතිය අඛණ්ඩව නොකඩවාම එදා රජ දවසේ සිට ක්‍රියාත්මක වූ බවත් මේ ක්‍රියාදාමය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ආගමික සංවර්ධන ක්‍රියාදාම ඇතුළත්ව සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදු කරන සෑම ක්‍රියාදාමයකටම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    තිස්සමහාරාම රජමහා විහාරස්ථානය, මහියංගන විහාරස්ථාන, සෝමාවති විහාරස්ථානය, ශ්‍රී දළදා මාළිගාව, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන 22කට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇති බවත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මේ කාර්ය සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සෑම වසරකම ඔක්තෝබර් මාසයට යෙදී ඇති කඨින මහා පුණ්‍යෝත්සවය නිමිති කර ගෙන ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බැතිබර දායකත්වයෙන් මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    ශ්‍යාමෝපාලී මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ආශිර්වාද ඇතිව ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුළ මෙම කඨින මහා පුණ්‍යෝත්සවය පැවැත්විණි.

    Sajith Premadasa
    පෙර පුව​තබ්‍රසීලයේ බිහිසුණු බස් රථ අනතුරකින් 15 දෙනෙකු මරුට
    ඊළඟ පුව​ත මගී අවසර පත්‍රයට පිටින් දුවන්න ගිය බස් රියදුරන් නීතියේ රැහැනට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group