Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයිස් මත්ද්‍රව්‍ය සමග හතක් කොටුවෙයි

    අයිස් මත්ද්‍රව්‍ය සමග හතක් කොටුවෙයි

    2025-06-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.166 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම් කිහිපයකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ වැල්වැටිතුරය. ග්‍රෑන්ඩ්පාස්, මොරටුව, කැලණිය, ගල්කිස්ස සහ රාගම යන ප්‍රදේශවලදීයි.
    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17ක් සමග පුද්ගලයෙක් රත්මලාන ප්‍රදේශයේදී අද(08) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් පමණ වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය වැඩිදුරටත් අනාවරණ කරන්නේ.

    ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කැලණිය, කොහොල්විල පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පැවසුවේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
    බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මොරටුව කොරළවැල්ල සහ ලුනාව යන ප්‍රදේශවලදී ද අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙක් මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී එක් සැකකරුවෙක් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 640ක්ද අනෙකත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 38 යන වයස්වල පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

    මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදියි.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 33ක් පමණ වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර වැල්වැටිතුරය පොලිස් බලප්‍රදේශයේ තොණ්ඩමනාරු ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන මුදල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

    වැල්වැටිතුරය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 232ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 202,200ක් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

    කිරුඩාවිල් දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. වැල්වැටිතුරය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    රාගම, සෝමවීර මාවත හංදියේදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.

    එහිදී රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් පමණ වන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන තිබෙනවා.

    රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
    ඊළඟ පුව​ත බාලඇල්ල වැවේ දියනෑමට ගිය හතරක් මරුට

    සබැ​ඳි පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group