අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ කාර්මික දෝෂයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාර්මික දෝෂයට ලක් වු දුම්රිය මේ වන විට මීගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා.
කෙසේ නමුත් කඩිනමින් එම දුරියේ ඇති වූ කාර්මික දෝෂය සකසන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.













