අමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500 ක් යෙදවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නියෝග කර තිබෙනවා. ඒ, සංක්රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සදහායි.
මෙම සංක්රමණිකයින් මැඩලීම සදහා ගුවන් යානා ද යොදාගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ලබාදුන් ප්රධාන නියෝගය මෙය වන අතර මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.