මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි පරිහරණය, වදකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබාගැනිම් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කර තිබෙනවා.
අදාළ විමර්ශනවලදී අනාවරණ වූ කරුණු මත එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනෙකු අද(06) තිරුක්කෝවිල් සහ සන්දිවේලි යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.