බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා .
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස්ට හටයි.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට රාජකීය විදුහල නියෝජනය කරන තවත් ක්‍රීඩකයන් දෙදෙනක් ඇතුළත්.
එමෙන්ම රත්ගම දේවපතිරාජ, මහනුවර කිංග්ස්වුඩ් සහ ගල්කිස් සාන්ත තෝමස් යන විදුහල්වලින්ද ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සංචිතයේ ස්ථාන හිමිකරගෙන තිබෙනවා .
තරගාවලියේ පළමු තෙදින තරගය නොවැම්බර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදී පැවැත්වෙන අතර දෙවැනි තෙදින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 2 වැනිදා සිට සිවුවැනිදා දක්වායි
එක්දින තරග 3 ම චැටෝග්‍රෑම්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා .
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.













