ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින්.
ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කරන තාක්ශණික නිලධාරියෙකු ඊ ටිකටි 92 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ වැඩි දුර ප්රශ්න කිරීම් වලදී මෙම සිදුවීම සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මාතලේ සහ මහනුවර ප්රදේශ වලදී අත්ැඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
පොලීසිය පැවසුවේ මහනුවරදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඊ ටිකටි පත් 29 ක් සහ රුපියල් එක් ලක්ශ 31,000 ක් අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගත් බවයි.
මෙම ඊ ටිකටි ජාවාරම සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන අඛණ්ඩව සිදු වන බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.