බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස
එම දෙපාර්තුමේන්තුව නිවේදනය නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 50 ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකියි.
තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්