කුඩා යාත්‍රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 – 50ත් දක්වා ඉහල යා හැකි අතර එය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 ත් දක්වා වැඩිවිය හැකි බවය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.